රුපියල් 5000 හොර නෝට්ටු 16 ක් සමග සැකකරුවෝ 6 දෙනෙක් බිංගිරිය පොලීසිය විසින් අද (25දා) අත්අඩංගුවට ගනු ලැබූහ.
සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු තාරණ උඩවෙල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මීට ඉහතදී කළ අපරාධයක් සම්බන්ධයෙන්ද අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවෝ මිනුවන්ගොඩ,නිකවැරටිය රස්නායකපුර ප්රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් කාලයක සිට මෙම ජාවාරමේ නිරතව ඇති බවත් අන්ධ පුද්ගලයන්ට ලබාදීමට මෙම මුදල් නෝට්ටු සකසා බවත් පොලීසිය සැක කරයි.
වඩුමුන්නේගෙදර අධිකාරි