ඇලෙක් හේල්ස් හා ඉයන් මොගන් තුන්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 152ක සාර්ථක සබඳතාව හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායම පරාජය කර අද (27දා) චිතගොන්හි පැවැති තරගයෙන් කඩුලු 06ක ජයක් හිමිකරගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
අනගි ඉනිමක් ක්රීඩා කරමින් කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන ගිය ඇලෙක්ස් හේල්ස් නොදැවී ලකුණු 116 රැස්කිරීමට සමත්වූ අතර, එය එංගලන්ත පිතිකරවෙකු රුස්කළ පළමු ශතකය විය. ඔහු තරගයේ වීරයා සම්මානද හිමිකරගත්තේය.
එංගලන්ත ඇරයුමෙන් පළමු පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 189/4 රැස්කිරීමට සමත්විය.
ශ්රී ලංකාව 189/4 (පන්දුවාර 20)
මහේල ජයවර්ධන 89 (පන්දු 51, 4x11, 6x3)
තිලකරත්න ඩිල්ශාන් 55 (පන්දු 47, 4x4, 6x2)
තිසර පෙරේරා නොදැවී 23 (පන්දු 12, 4x2, 6x1)
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 11 (පන්දු 5, 6x1)
ක්රිස් ජෝර්දාන් 28/2 (පන්දුවාර 4)
ජේඩ් ඩර්න්බාච් 42/2 (පන්දුවාර 4)
එංගලන්තය 190/4 (පන්දුවාර 20 )
ඇලෙක්ස් හෙල්ස් 116* (පන්දු 64, 4x11, 6x6)
ඉයන් මෝගන් 57 (පන්දු 38, 4x7, 6x2)
නුවන් කුලසේකර 32/4 (පන්දුවාර 3)