ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරනවාද, නැද්ද යන්න මෙතෙක් නිලවශයෙන් දැනුම් දී නොමැති බවත්, එහෙත් ජාතික හෙළ උරුමයට දැනුම්දීමක් නොකර ඉවත් විය හැකි බවත් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
සන්ධානය යටතේ තරග කරනවා නම් අද (08දා) සවස් වනවිට හෝ දැනුම් දිය යුතු බවත්, එසේ වුවහොත් නාමයෝජනා ලේඛන සකස් කිරීම පහසුවක් වන බවත් පවසා සිටියේය.