රජයෙන් ඉවත් වූ ජාතික හෙළ උරුමය සමග යළි සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (20දා) %අද^ පුවත්පතට පැවසීය.
තම කොන්දේසිවලට යහපත් ලෙස ප්‍රතිචාර නොදැක්වූයේ යැයි යන පදනම මත ජතික හෙළ උරුමය පසුගිය සඳුදා රජයෙන් ඉවත්විය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, හෙළ උරුමයේ ඉල්ලීම් අතරවිය. කෙසේ නමුදු රජය සමග සාකච්ඡා කිරීමට විවෘතව සිටින බව හෙළ උරුමය පැවසීය.
මේ පිළිබඳව කළ විමසුමකට ප්‍රතිචාර ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ හෙළ උරුමය සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බවයි. මීට ඉහත හෙළ උරුමය සහ රජය අතර සාකච්ඡා වට පහක් පැවැත්විණි.