හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- 28 08 2017
- 08:50
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
හෙරොයින් සමග කාන්තාවක් දෙමටගොඩ ගුවන් පාලම අසලදී ඊයේ (27දා) අත්අඩංගුවට ගත්බව දෙමටගොඩ පොලීසිය සඳහන් කර සිටියේය.
පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී හෙරොයින් ග්රෑම් 04යි මිලිග්රෑම් 987ක් සොයාගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.
සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය 35 හැවිරිදි ඔරුගොඩවත්ත ප්රදේශයේ පදිංචිකාරියක් වේ.
අද (28දා) සැකකාරිය මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
