හෙරොයින් ළග තබාගත් කාන්තාවක් බස්නාහිර පළාත් දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන් විසින් මාලිගාවත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය සන්තකයේ තිබූ හෙරොයින් ග්රෑම් 15ක් හා මිලි ග්රෑම් 15ක් සොයාගත් බව පොලීසිය කියයි. සැකකාරිය අද ( 21දා) මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මූලස්ථානය පවසයි.