හෙරොයින් ග්‍රෑම් 503.16ක් ළඟ තබාගෙන සිටි බවට සැකකරන කාන්තාවක් ඊයේ (28දා) කොළොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම කාන්තාවට හෙරොයින් ජාවාරම් කිරීමට අනුබල දීමේ චෝදනාව යටතේ තවත් පුද්ගලයන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණ තොරතුරකට සැකකටයුතු ත්‍රිරෝද රථයක් නවත්වා පරික්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරිය අවුරුදු 54ක් බවත් සැකකරුවන් අවුරුදු 24 හා 52 වැනි වසයස්වල පසුවන්නනත් බවද පොලීසිය පවසයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.