හෙරොයින් 285g සමග සැකකාරියක් අත්අඩංගුවට
- 6 07 2015
- 08:52
- {{hitsCtrl.values.hits}} views
- . .
පුත්තලම කොට්ඨාශ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත එම ඒකකයේ නිලධාරින් පිරිසක් පේදුරුතුඩුව ලිස් වසමේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 285 ක් සොයාගත් බවද පොලීසිය කියයි.
ඊයේ පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති අතර සැකකාරිය අද (06දා) පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්, පේදුරුතුඩුව පොලිසිය හා පුත්තලම කොට්ඨාශ මත්ද්‍රව්‍ය ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වන බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
