හෙද නිලධාරීන්ට ඇතිවී තිබෙන ගැටලු වහාම විසඳන ලෙස ඉල්ලා විරෝධතා පෙත්සමකට අත්සන් තැබීම අද (11දා) කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ විය.
මෙහිදී කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් අදාළ පෙත්සමට අත්සන් තැබීම සිදුකළ අතර, මෙම පෙත්සමට අත්සන් ලබාගැනීම ලංකාව පුරා රෝහල්වලදී සිදුකරන බව සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කළේය.
එලෙස ලබාගන්නා අත්සන් සමග හෙද ව්‍යවස්ථාවෙන් ඇතිවී තිබෙන ගැටලු විසඳන ලෙසට සහ උසස්වීම් ගැටලු වැටුප් විෂමතා ඇතුළු ගැටලු 17 ක් විසඳන ලෙස ඉල්ලා විරෝධතා පෙත්සමක් ලෙස සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට භාරදෙන බවද එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.