පවතින අධික වැසි තත්ත්වය මේ මස 22 වන දිනෙන් පසු ක්‍රමක්‍රමයෙන් අඩුවී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එහෙත් බෙංගාලබොක්ක ප්‍ර‘දේශයේ පැවති කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වී තිබෙන නිසා අද (21දා) දිනයේදී දිවයින පුරා පිහිටි අහස වළාකුලින් බරව පවතින බව කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ සසින්තා ජයසේකර මහත්මිය සඳහන් කළාය.
මේ නිසා බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍ර‘දේශවල උදේ කාලයේ මීදුම් තත්ත්වයක්ද ඇතිවිය හැකි බව කියා සිටියේය. මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු, නැගෙනහිර හා ඌව සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවද සඳහන් කළාය.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත්, සමහර අවස්ථාවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ක් 80ක් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.