හෙට සිට වැසි වැඩිවීමක්
- 22 10 2016
- 14:25
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
දිවයිනේ උතුරු සහ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කීපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෙට දිනයේදී ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (22දා) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නිවේදයේ වෙයි.
සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්
සමහර ස්ථානවලට තරමක් තද වැසිද (මිලී මීටර් 75-100 පමණ) ඇතිවීමට ඉඩ ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
