දිවයින ආසන්න පහළ වායුගෝලයේ ඇතිවෙමින් පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී (ඔක්තෝබර් 29 දා සිට) පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට දිනය සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කරමින් ඔවුන් පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 ලමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එසේම උතුරු හා නැගෙනහිර පළාත්වල උදය කාලයේදී තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ හා ඌව පළාත්වලත් වව්නියාවේ දිස්ත්‍රික්කයෙත් ඇතැමි ස්ථානවලිට මිල මීටර් 100 ඉක්මවූ වැසි අපෙක්ෂා කරන බවත් ඔවුහු පවසති.
මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම වයඹ හා ඌව පළාත්වල සමහර ප්‍ර දේශවල උදය කාලයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.