හෙට (05) උදෑසන අටේ සිට පස්වරු 05 දක්වා පැය 09 ක කාලයක් පෑලියගොඩ සහ ඒ අවට ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
ඒ අනුව පෑලියගොඩ නගර සභා බල ප්රදේශය, කැළණිය, වත්තල, හැඳල, බියගම, මහර, දොම්පේ යන ප්රාදේශීය සභා බල ප්රදේශවලටත් ජාඇල නගර සභා සහ ප්රාදේශීය සභා බලප්රදේශවලටත් ජල සැපයුම සීමා වනු ඇත. ඊට අමතරව බියගම ආයෝජන කලාපයේද ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්රකාශ කළේය.