වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලිකාරී ස්වභාවය නිසා අනිද්දා (18දා) සිට දිවයින පුරා වැසි ඇතිවන බවත්, දිවයිනේ දකුණු අර්ධයට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවත් කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේය.
මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල සමහර ප්‍ර‘දේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද ඔහු පවසා සිටියේය.