දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය හෙට (31දා) තවදුරටත් වැඩි වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම බොහෝ පළාත් වල අහස වළාකුළින් බරව පවතිනු ඇති බවත් දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවෙදනයේ වෙයි. එසේම කඳුකර ප්‍ර දේශ ආශ්‍රිතව ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වෙයි.
මධ්‍යම, සබරගමුව,බස්නාහිර, වයඹ, ඌව, උතුරු මැද හා උතුරු පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට පැය 24ක් තුළ මිලි මීටර් 150 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.