හෙට (03දා) දිවයිනේ බොහෝ පළාත්වලට සවස 2න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර හා යාපනය දිස්ත්‍රික්වලත් උදය කාලයේදී වැසි ඇතිවිය හැකි බව ඔවුන් සඳහන් කරයි.
විශේෂයෙන්ම මධ්‍යම, ඌව හා උතුරු මැද පළාත්වලත්, වව්නියා, මුලතිව් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තුවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.