හෙට දිනයේ කොළඹ නගරයේ රථවාහන ධාවනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කොළඹ - ගාලූමාර්ගයේ එක් දිශාවකට පමණක් රථවාහන ධාවනය කිරීමේ අතර එය හෙට උදෑසන 9 සිට කි‍්‍රයාත්මකය.
ඒ අනුව, ගාලූපාර, වැල්ලවත්ත, මංසන්ධියේ සිට ඩික්මන් හන්දිය දක්වා කොළඹ දෙසට එක් දිශාවකට වාහන ගමන් කෙරෙන අතර, එය කොළඹට ඇතුළු වන මංතීරුව ලෙස කි‍්‍රයාත්මක වනු ඇති.
ඩුප්ලිකේෂන් පාර, ඩික්මන් පාර හන්දියේ සිට ඩුප්ලිකේෂන් පාර හන්දිය තෙක් කොළඹට පිටවන රථවාහන එක් දිශාවකට ගමන් කරවීමට සැලසුම් කර තිබෙන අතර එය අනුගමනය කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලාසිටියි.