නව ජන්ම සත්කරය නඟාසිටුවීම සඳහා හෘද රෝග හඳුනාගැනීම සහ නව ජන්ම දැඩි සත්කාර ඒකකවලට ඇඳන් ලබාගැනීමේ නව වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩපිළිවෙල මඟින් ඉතාම ඉක්මනින් නව ජන්මියෙකුට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබගැනීම සඳහා රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පුරප්පාඩු ඇදන් පිළිබඳව තොරතුරු ජංගම දුරකතන මඟින් වෛද්‍යවරුන්ට ලබාගැනීමේ හැකියාව උදාවෙයි. මෙම නව වැඩපිළිවෙල දියත්කිරීම අද (15) පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා සහභාගී විය.