හුණු හා පුවක් සඳහාත් වැට බැදීමට සැරසෙයි
දිවයින පුරා සියළුම පාසල් ආශ්‍රිතව මිටර් 500 ක් දක්වා දුර ප්‍රමාණයක් දුම්වැටි සහ දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරිමට යෝජනා කරන බවත් හුණු හා පුවක් වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය විසින් අද (24දා) බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හොටලයේ දී පැවැත් වූ දුම්කොල භාවිතය අවම කිරීම පිළිබද වැඩමුළුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මේ වනවිට පාසල් ආශ්‍රීත ප්‍රදේශවල මත්පැන් අලෙවි කිරිම තහනම් කර ඇති බවත් එමෙන්ම දුම්කොල නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කළ යුතු බවත් ඔහු පැවැසීය.
එහිදී හුණු හා පුවක් පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වීය. “පුවක් සහ හුණු ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් පුවක් සහ හුණූ භාවිත කිරීමෙන් පිළිකා රෝගීන් වාර්තා වීම බහුල වී තිබෙනවා. එම නිසා හුණූ සහ පුවක් වලට එරෙහිවත් දැඩි ක්රීයාමාර්ග ගැනීමට මම පියවර ගන්නවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

