(UPDATE) ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ඡන්ද අනුව 266 ට 218 ක් ලෙස නියෝජිත ඡන්ද ලබා හිලරි ක්ලින්ටන් අභිභවා ඩොනල්ඩ් ට්‍රම්ප් ප්රබලව ඉදිරියට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, ඉලෙක්ටොරල් කොලේජ් හෙවත් ඡන්ද තීරකයන්ගේ සභාවේ සමස්ත නියෝජිත සංඛ්‍යාව වන 538න්, බහුතරය වන 270කට වැඩි නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වෙයි.
මේ වනවිට ප්‍රාන්ත 50කින් ප්‍රාන්ත 42ක ඡන්ද නියෝජිත ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශයට පත්ව තිබේ.
එමෙන්ම, 45 වැනි ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වූ ඇමෙරිකානු ඡන්ද විමසීම මෙරට වේලාවෙන් පෙ.ව. 5.30 ට පමණ අවසන් වී තිබේ. ඒ අනුව, හිලරි ක්ලින්ටන්ගේ බල කඳවුරු වූ ප්‍රාන්ත කිහිපයකම බලය අත්පත් කරගනිමින් දැනට පුරෝකථනය කෙරෙන සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන්ද ට්‍රම්ප් ඉදිරියෙන් සිටින බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, නියෝජිත ඡන්ද වැඩි ප්‍රමාණයක් හිමි ප්‍රාන්තවල බලය හිලරි අත්පත් කරගැනීමට සමත්වීමද කැපී පෙනෙයි.