දෙමටගොඩ පදිංචි පුද්ගලයෙකු පැහැරගෙන යාමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනෙකු අද (29දා) සවස කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවූ බවත්, ඉන් පසුව ඔවුන් අත්අඩංගුවට ගත් බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම සැකකරුවන් දෙදෙනා හෙට (30දා) අළුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම සැකකරුවන් දෙදෙනාත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ ආධාරකරුවන් බවට හෙළිවී ඇතැයිද පවසා සිටියේය.