දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා කරමින් නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව සඳහා ලබන සැප්තැම්බර් මස 21 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අවවාද කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඇය මුදා හළේය.
තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවටවූ පැමිණිල්ල අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි පෙනී සිටි ඇයට මෙලෙස අවවාද කොට මුදා හළේය.
විත්තිකාරිය ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති හෙයින් මෙම නඩුවේ කටයුතු අවසන් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.