හබරණ, හිරිවඩුන්න වැවේ වැව් බැම්ම කැඩී යාම නිසා පහත් බිම් ගණනාවක් ජලයෙන් යට විය. අද (21දා) උදෑසන 8.30 ට පමණ වැව් බැම්ම කැඩී ගොස් ඇති අතර, මේ වනවිට අඩි 15 ක ප්රමාණයක් වැව් බැම්ම කැඩී ගොස් ඇත.
මෙසේ ගලායන ජල පහර හේතුවෙන් කුඹුරු අක්කර 275 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
ඇතිවූ හදිසි තත්ත්වය හේතුවෙන් හිරිවඩුන්න වැව පහළ ප්රදේශයේ ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ ඒකකය මගින් දන්වා ඇත.
හිරිවඩුන්න වැවෙන් පිටවන ජලය එකතු වන හබරණ වැවේ ජල මට්ටමද මේ හේතුවෙන් එක්වරම ඉහළ ගොස් ඇත.