කල්තොට, පුහුල්යාය ප්‍රදේශයේ පිහිටි රජමහා විහාරස්ථානයකට අද (05දා) අලුයම පැමිණි සොරුන් පිරිසක් ආයුධයක් පෙන්වා එහි සිටි ස්වාමීන් වහන්සේලා 05 දෙනෙකු බැඳ දමා විහාරස්ථානයේ තිබූ පෞරාණික පුස්කොළ ග්රන්ථ කිහිපයක්, කුඩා පිත්තල බුදු පිළිමයක් හා ජංගම දුරකථනයක් සොරකම් කර තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
විහාරස්ථානයේ හිමිනමක් ශරිර අවශ්‍යතාවක් සඳහා විහාරස්ථානයෙන් එළියට පැමිණි අවස්ථාවේදී සොරුන් පැමිණ ඇති බවට කරුණු අනාවරණය වී තිබෙන බව පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ක්ෂණික ඇමතුම් අංකය වන 119 ට තොරතුරු ලැබී තිබේ.