පන්විල ශ්රී මුණසිංහාරාම විහාරයේ විහාරාධිපති හිමියන්ට පහරදුන් ගම්වාසීන් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්රාත් අධිකරණය නියෝග කොට තිබේ.
ඊයේ (28දා) පෙ.ව. 7.00 ට පමණ මෙම පහරදීම සිදුකර තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් 14 ක් හා පිරිමි පුද්ගලයන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කොට තිබේ.
ඔවුන් තෙල්දෙණිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පුද්ගලයන් 27 දෙනෙක් එළඹෙන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුවන් අතර සිටි අවුරුදු 17 ක ළමයෙකු මහේස්ත්රාත් නියෝග මත වේරගල ළමා නිවාසයට භාර දී ඇත. පහරකෑමට ලක් වූ හිමිනම මහනුවර රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බව පොලිස් මූලස්ථානය පවසයි. විහාරාධිපති හිමිනම හා දායකයන් අතර ඇති වූ ප්රශ්නයක් මත පහරදීම සිදුව ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.