(UPDATE) වරදකරුවෙකු නීත්‍යානුකූල දඩුවමකින් ආවරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහේස්තාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබේ.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 2015 ජනවාරි මාසයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කළ විමර්ශනයේදී කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට පත්ව තිබේ.
සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලලිත් ජයසිංහ මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද (25දා) කැඳවූ අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
වරදකරුවෙකුව නීත්‍යානුකූල දැඩුවමකින් ආවරණය කිරීම සඳහා ක්‍රියාකිරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුට පළා යෑමට උපකාර කිරීම සම්බන්ධයෙන් මීට පෙර ඔහු අත්අඩංගුව පත්වූ අතර පසුව ඇප මත නිදහස් විය.