යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේදී ඝාතනය වූ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැක කෙරෙන ප්‍රධාන සැකකරුවෙකුට යාපනයෙන් පලා යාමට සහාය දුන්නේයැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා මෙම මස 11දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කයිට්ස් වැඩබලන මහෙස්ත්‍රාත් ආර්.ඊ.සබේසන් මහතා අද 04දා නියෝග කළේය.
මෙම ඝාතනය සැලසුම් කළ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමත්තාට යාපනයෙන් පිටවීමට උතුරු පළාත භාරව එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ ලලිත් ජයසිංහ විසින් උදවු කිරීමේ චෝදනාව මත ලලිත් ජයසිංහ මහතා පසුගිය ජුලි 15දා සවස අත්අඩංගුවට ගනු ලැබීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ සිට කියිට්ස් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී කයිට්ස් මහේස්ත්‍රාත් නොමැති වීමෙන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙසේ ලබන 11දා නඩුව කැඳවීමට නියෝග කළේය.
පසුගිය 2015 වසරේ මැයි මස 13දා විද්‍යා දැරිය පැහැරගෙන ගොස් පූංකුඩතිව් ප්‍රදේශයේ කැලෑවක සමූහ දූෂණයකට ලක්ව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැලකෙන සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.