හිටපු යුද හමුදාපති මේජර් ජනරාල් ජගත් ජයසූරිය මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා රජය පෙනී සිටිය යුතු බවත්, ඔහු ආරක්ෂා කරගතයුතු බවත් ජාතික හෙළ උරුමයේ ප්‍රධන ලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද (31දා) පැවසීය.
ඒ මහතා වන්නි ආඥාපතිවරයා වශයෙන් සේවය කළේ රටේ ආරක්ෂාව වෙනුවෙන් බවත්, එම සේවය නීතියානුකූල බවත් රණවක මහතා සඳහන් කළේය.
රටට සාමය උදාකරදීමේදී ඒ මහතාගේ දායකත්වයක් ලැබුණු බවත්,එමගින් ලැබුණු නිදහස හේතුවෙන් ජීවිත 25000ක් ආරක්ෂා වුනු බවත් හෙතෙම පවසා සිටියේය.
ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය.