හදිසි රිය අනතුරකින් පසුව මහනුවර, මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි මහඔය ප්රාදේශීය ලේකම්, හිටපු සංස්කෘතික කටයුතු අධ්යක්ෂ විජිත් කණුගල මහතා අද උදෑසන අභාවප්රාප්ත විය.
මිය යන විට 51 වැනි වියේ පසු වූ විජිත් කණුගල මහතා දෙදරු පියෙකි. විජිත් කණුගල මහතාගේ දේහය අංක 23/, කළුවැල්ගොඩ, මාකේවිට ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු නොවැ. 16 සඳුදා දින ප.ව. 4.00 ට මාකේවිට කනත්තේදී සිදුකෙරේ.