එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මුහුදු කොටි නායිකාවක වන මුරුගේසු පහිරදී හෙවත් පාකීර්ති ඊයේ (02දා) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ත්‍රස්ත විමර්ශන ඒකක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය 1997 සිට 2000 වසර දක්වා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි කාන්තා අංශයේ නායිකාව වශයෙන් කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇත.