හිටපු නි ඇමති සරත් කුමාර රිමාන්ඩ්
(UPDATE) 12.20 PM
2002 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසියට භාරවිමෙන පසුව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න එළැඹෙන 01දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය ධීවර අමාත්‍යවරයා වන සරත් කුමාර ගුණරත්න මහතා අද (24දා) පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 2002 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
සරත් කුමාර ගුණරත්න මහතා පොලීසියට බාර වීමෙන් පසුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අද (24දා) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමට නියමිතය.
2002 වසරේ සිදුවූ රිය අනතුරින් එක් පුද්ගලයෙකු මිය ගියේය. සිද්ධිය සම්බන්ධයෙන් එවකට ඔහුගේ රියදුරු අත්අඩංගුවට පත්වුවත් පසුව ඉදිරිපත් කළ පැමිණිල්ලකින් කියැවුණේ ඇනතුර සිදුවන අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා රිය පදවමින් සිටි බවයි.
චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

