හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදොරු ඩී.කේ.පී. දසනායක මහතා යළිත් එළැඹෙන 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (09දා) නියෝග කළේය.
2008 වසරේදී දමිළ තරුණයන් 11 දෙනෙකු අතුරුදන්වීමේ සිදුවිමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලබන පරීක්ෂණයකට අදාළව ඔහු පසුගිය ජුලි මස 12 දා අත්අඩංගුවට පත්විය.