තරුණයන් 13 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අද (05දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 09 ක් ප්රකාශ සටහන් කරගෙන තිබේ.
උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා මෙම ප්රකාශ සටහන් කරගැනීම සිදු කර ඇත. මෙහිදී 2008-2009 වසරවලදී කොළඹ හා ත්රිකුණාමලය ප්රදේශයේදී තරුණයන් 11 දෙනෙකු අතුරුදන්වීම පිළිබඳ හා කොටහේන ප්ර‘දේශයේදී දෙමළ තරුණයන් දෙදෙනෙකු පැහැරගැනීම පිළිබඳ ප්රකාශ සටහන් කරගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේය.