පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක් අපේක්ෂකයෙකුගේ මැතිවරණ ව්‍යාපාරයට වාසිවන ආකාරයට සිල් රෙදි බෙදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු වගඋත්තරකරුවන් නව දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06දා) නොතීසි නිකුත් කළේය.
ඒ අනුව නොතීසි ආපසු ලැබිය යුතු දිනය ලෙස ජුලි මස 08 වැනිදා ලෙසට අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, රෝහිනී මාරසිංහ සහ ප්රියසාත් ඩෙප් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල දින නියම කළේය.
2015 ජනවාරි මස 08දා වැනිදා පැවැති මැතිවරණයේදී පුද්ගලයන් ලක්ෂ 08 ක් පමණ ප්‍රමාණයකට සිල් රෙදි බෙදාදීමෙන් රටේ නීතිය උල්ලංඝනය කිරීම, එක් අපේක්ෂකයෙකුට පමණක් වාසි ගෙනදෙන ආකාරයට කටයුතු කිරීම, රජයේ දේපළ අයුතු භාවිතා කොට රජයට පාඩුවක් සිදුකිරීම යන චෝදනා ඉදිරිපත් කරමින් පැෆරල් සංවිධානය සහ එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණි.
මෙම සිද්ධියට සම්බන්ධ වුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට වගඋත්තර පාර්ශ්වයක් හෝ පාර්ශ්ව කිහිපයකට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ මෙම පෙත්සමින් ඉල්ලා සිටිති.
මෙම පෙත්සමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පාර්ශ්ව 09 ක් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
ලක්මාල් සූරියගොඩ/ බුද්ධිමාල් රුබේරු