හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජීවිත තර්ජනයක් තිබෙන බවත්, එබැවින් ඊට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පවසමින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය නම් සංවිධානයක නීතිඥවරුන් පිරිසක් විසින් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ලබාදීම සඳහා මෙම පැමිණිල්ල ඊයේ (09දා) ඉදිරිපත් කර තිබෙන බවත්, මේ අනුව එම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඉන්පසුව පොලිස්පතිවරයා විසින් පැමිණිල්ල පිළිබඳව සලකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.