හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන ඉන්දියානු සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැරව ගිය බව ඔහුගේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඔහු 29 සහ 30දා දෙදින මහරාෂ්ඨ ප්‍රාන්තයේ, ආරුංගාබාත් ඓතිහාසික නගරයේ දෙවන වරට පවත්වනු ලබන සමාජීය සහ සංස්කෘතික සබඳතා පිළිබඳ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහාභාගී වීමට නියමිතය.
මෙම සම්මේලනය මගින් බෞද්ධ උරුමයන් සහ සංස්කෘතිය පිළිබඳව ලෝකය දැනුවත් කිරීම සංවිධායකයින්ගේ ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම සංචාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, හිටපුවිදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සහ පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුන්ද සහාභාගී වී ඇත.