එළැඹෙන මහ මැතිවරණයේදි උතුරු නැගෙනහිර දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් වෙනුවෙන් නාම යෝජනා ලබාදීම සමිබන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා වව්නියාවේදී පැවති විශේෂ සාකචිජාවේදී පුනරුත්තාපනය වූ එල.ටී.ටී.ඊ සාමාජිකයින් සඳහා නාම යෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට දෙමළ ජාතික සන්ධානය විසින් පියවර ගෙන ඇත.
අද (16දා) වව්නියාව වන්නිඉන් හෝටලයේදී දෙමළ ජාතික සන්ධාන නායක ආර.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පලාත්සභා මන්ත්‍රීවරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නියේාජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාව පැවැතියේය.
පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් මෙවර මහමැතිවරණය වෙනුවෙන් තරග වැදීම සඳහා දෙමළ ජාතික සන්ධාන නායකයින් හමු වුණද එහිදී දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ගේ ස්ථාවරය වූවේ මෙවර ඔවුන්ට අවස්ථාව නොදී ලබන වාරයේදී අවස්ථාව ලබා දීමටය.
අනතුරුව පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට දෙමළ ජාතික සන්ධානයේ අවස්ථාවක් නොමැති වීමෙන් අධෛර්ය නොවන බවටත් ඉදිරියේදී වෙනත් පක්ෂයකින් වන්නි දිස්ත්‍රීක්යේ ජනතාව වෙනුවෙන් තරග කිරීම පිළීබඳව තම සාමාජිකයින් සමග සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවයි.