ව්‍යාජ වීසා භාවිත කරමින් බ්‍රිතාන්‍ය බලා යාමට උත්සාහ කළ උතුරේ තරුණයන් තිදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (11දා) අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ වයස 21,25,32 වයස් වල පසුවන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මේ පිළිබඳව කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මින් දෙදෙනෙක් පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයෝ බවයි. ඔවුන් දෙදෙනා පුනරුත්ථාපනය වීමෙන් පසු ඔවුහු ධීවර කර්මාන්තයේ යෙදෙමින් සිටියදී මිතුරෙකු විසින් සකස් කර දුන් ලියකියවිලි භාවිත කරමින් බ්‍රිතාන්‍ය බලා යාමට පැමිණි බව අනාවරණය වී ඇත.