හිටපු පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර මහතාට මහ පරිමාන වංචා හා දූෂණ පිළිබඳ ජනපති කොමිසම හමුවට පැමිණෙන ලෙස දන්වා තිබුණද අසනීපයක් හේතුවෙන් ඔහු නොපැමිණියේය. රජයේ ඉඩමක් බිරිඳගේ නමට ලබාගෙන එය අමාත්‍යාංශයේ මුදලින් වැඩි දියුණු කර ඇතැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.