හිටපු ඛනිජතෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන අංශය ප්‍රශ්න කර තිබේ. ඉන්ධන ගොඩබෑමේදී සිදු වූ බව කියන රුපියල් ලක්ෂ 350 ක පාඩුව පිළිබඳ මෙහිදී ප්‍රශ්නකර තිබේ.
තෙල් සංස්ථාව ශී‍්‍ර ලංකාවට ඉන්ධන තොගයක් ආනයනය කළ අවස්ථාවකදී වරායේ බෝයාව කැඞී තිබිම නිසා තෙල් ඉවත් කර ගැනීම සදහා ලූනා නමැති නැව් සමාගමට අයත් කුඩා නෞකාවක් කුළී පදනම මත ලබාගෙන ඇති අතර එමගින් රජයට මෙම පාඩුව සිදුවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කි‍්‍රයාත්මකය.