හිටපු අමාත්‍යවරයෙකු වූ ඒ.එම්.එම්. අස්වර් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30දා) පෙරවරුවේ අවසන් ගෞරව දැක්වීය.
කොළඹ පිහිටි අස්වර් මහතාගේ නිවසට පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දක්වා, අස්වර් මහතාගේ පවුලේ ඥාතීන් වෙත තම ශෝකය ප්‍රකාශ කළ අතර, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුද ජනාධිපතිවරයා සමග මේ අවස්ථාවට එක්වූහ.