හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.
ඒ 2005 වසරේදි එවකට ජනපතිවරණය සඳහා තරග කළ පුද්ගලයෙකු වෙනුවෙන් ලබා දුන් තීන්දුවක් පිළිබඳවය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ නව නගර ශාලාවේ ඊයේ (17දා) සංවිධානය කර තිබූ සම්මන්ත්රණයකට එක් වෙමින් ඔහු මෙම අදහස් ප්රකාශ කළේය.
"මේ ළගකදි මට හමුවූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් මගෙන් ඇහුවා ඇයි ඔබ 2005 වසරේදී නිවැරදි තීන්දුව ලබා නුදුන්නේ කියා. මට ඔහුට උත්තර දෙන්න බැරිවුණා. නමුත් මම අද ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. ඒ ගැන මට සමාවෙන්න." යනුවෙන් හෙතෙම පැවැසීය.
එසේම වර්තමාන ජනපතිවරයාට තෙවැනි වර ජනපතිවරණයක් සඳහා ඉදිරිපත් විය නොහැකි බවද හෙතෙම මෙහිදි පැවැසිය.
ඩේලි මිරර් ඇසුරෙනි