බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහමඩ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුතා ඇතුළු විත්තිකරුවන් හය දෙනාට එරෙහි නඩුවේ තීන්දුව අද (27දා) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. ඒ අනුව දීර්ඝ කාලයක් පුරා විභාග කළ මෙම නඩුවේ තීන්දුව මෙලෙස ප්‍රකාශ කෙරෙනු ඇත.
මෙම සිද්ධිය විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් මහාධිකරණ විනිසුරුවරුන් වන ලලිත් ජයසූරිය (සභාපති), කුසලා සරෝජනී වීරවර්ධන සහ අමේන්ද්‍ර සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.