රිය ධාවනයේ යෙදෙන අතුරතුර ජංගම දුරකථනය හා හෑන්ඩ්ස් ෆ්‍රී භාවිතය හේතුවෙන් අනතුරු සිදුවීමේ ප්‍රවණතාව හතර ගුණයකින් ඉහළ බව නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසුවේය.
මෙරට වාර්ෂිකව සිදුවන හදිසි අනතුරු ප්‍රමාණය 37,000ක් වන බවත්, ඉන් වැඩිම ගණනක් යතුරුපැදි අනතුරු හා ත්‍රිරෝද රථ අනතුරු වන බවත් හෙතෙම ඊයේ (23දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති 'හසිදි අනතුරු වළක්වමු' මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.
ත්‍රිරෝද රථවල ගමන් කළ මගීන් 2015 වසර තුළ 229ක් මිය ගොස් ඇති බවත්, ඉන් 41ක්ම අවුරුදු 15ට අඩු ළමයින් වන බවත් ඔහු පැවසුවේය.ත්‍රිරෝද රථ රියදුරන් නියාමනය සඳහා 2013 වසරේ ගෙන ආ රෙගුලාසිය ත්‍රිරෝද රථ සංගම් ගෙන ආ විරෝධතාවය මත ක්‍රියාත්මක නොවූ බවත්, එය ක්‍රියාත්මක වූයේ නම් අනතුරු අවමකර ගැනීමට හැකියාවක් ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියේය.
පසුගිය වසරේ කහඉර මත සිදුවූ අනතුරු හේතුවෙන් 72ක් මියගොස් ඇති බවද මෙම සාකච්ඡාවේදී ඒ මහතා පවසා සිටියේය.මෙම අවස්ථාවට එක්වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ඉදිරියේදී ත්‍රිරෝද රථ පරීක්ෂාවත්, රියදුරන් වෛද්‍ය පරීක්ෂාවට ලක් කිරීමත්, ත්‍රිරෝද රථ රියදුරන්ට ප්‍රථමාධාර පුහුණුවක් ලබාදීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් සිදුවන බවයි.