හැම කාන්තාවක්ම නායිකාවක් බවට පත් කරන ජාතික වැඩසටහනක් දියත් කරන බව ලක් වනිතා කාන්තා නායකත්ව පුහුණු වැඩසටහන් දියත් කරමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ පැවසූවාය.
මෙහිදී පක්ෂ පාට ආගම් කුල බේද නොසලකා, සියලූ දෙනා කාන්තාවන් යන පදනම මත පිහිටා කටයුතු කිරීම තම අරමුණ බව ඇය සඳහන් කළාය.
අද (08) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ලක් වනිතා පෙරමුණ සංවිධාන කරන දිපව්‍යාප්ත කාන්තා නායකත්ව පුහුණු වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය අමතමින් අනෝමා ගමගේ අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.