ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස්රථයක් හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ කුඩාගම ප්රදේශයේදී කන්දක හැපිමෙන් එම බස්රථයේ ගමන්ගත් මගීන් 15 දෙනෙක් පමණ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට හා කොටගල ප්රාදේශීය රෝහලට ඇතුළත් කර තිඛෙනවා.
අද උදෑසන 8 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අධික වේගයෙන් ධාවනය වී ඇති ලංගම බස්රථය ලිස්සා ගොස් කන්දේ හැපී ඇති බවයි අනතුර පිළිබඳ පරීකෂණ පවත්වන හැටන් පොලිසිය පවසන්නේ.