හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එම ප්‍රදේශයේ කරණවෑමියෙකුට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී ඩී.එම්.ජේ.පී. දසනායක මහතා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ කොණ්ඩය කැපීමට පසුගිය (23දා) රාත්‍රී 7.30ට හැටන් පොලීසියට පැමිණෙන ලෙස හැටන් පොලීසියේ නිලධාරීන් පිරිසක් ඔහුට දැනුම් දී තිබේ. නමුත් ඔහුට ඒ කාර්යය සඳහා නියමිත වේලාවට පොලීසියට යාමට නොහැකිවී ඇත.
එනිසා උරණවූ පොලිස් නිලධාරීන් පිරිසක් එදින රාත්‍රී 8.30ට පමණ තමන් සේවය කරන සැලුනය වෙත පැමිණ තමන්ව පොලිස් ජිප් රථයේ නංවාගෙන හැටන් පොලීසියට රැගෙන ගොස් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ කාර්යාලයේදී ඔහු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පරුෂ වචනයෙන් බැන වැදී අමානුෂික ලෙස පහරදුන් බවත් පසුව තමන්ට දැඩි වේදනාවක් තිබූ නිසා ප්‍රතිකාර ලබාගැනීමට දික්ඔය මූලික රෝහලට ඇතුළත් වූ බවත් කදිරේෂන් රවිචන්ද්‍රන් මහතා පැවසීය.
හැටන් නගරයේ කරණවෑමියන් හා ප්‍ර‘දේශවාසීහු පිරිසක් මෙම සිද්ධියට වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස බලකරමින් ඊයේ (24දා) පස්වරුවේ හැටන් නගරයේ උද්ඝෝෂණයක නිරත වූහ. මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන මූලස්ථාන ප්‍රධාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිවරයාගේ නියෝගයක් මත මධ්‍යම පළාත හා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් ඊයේ සිට නුවරඑළිය පොලීසියට අනුයුක්ත කරනු ලැබ තිබේ.