හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ නානුඔය බංගලා 7 ප්රදේශයේ ප්රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (08දා) උදෑසන 11.30 සිට ඇණහිට ඇති බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි.
ඊයේ (07දා) රාත්රියේ සිට නුවරඑළිය ප්රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මෙම පස්කන්ද කඩාවැටී ඇති බව වාර්තා වේ.
මීට ඉහත අවස්ථා කීපයකදී මෙම ස්ථානයේ පස් කඳු කඩාවැටී ඇත. මාර්ගයට කඩා වැටී ඇති විශාල පස් කන්ද කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.