විදේශයකින් ආනයනය කර අනුරාධපුර ප්‍රධාන ආහාර ගබඩාවේ ගබඩා කර තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් විකිණීම හා බෙදාහැරීම වහාම අත්හිටුවන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නදිකා ඩී. පියරත්න මහත්මිය නියෝග කළාය.
අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ වැටලිමකදී රුපියල් 8,998,950 ක් වටිනා නාඩු, පොන්නි සම්බා හා කැකුළු සහල් කිලෝග්‍රෑම් 143150 ක ප්‍රමාණයක් මෙසේ සොයාගෙන තිබේ.