පුත්තලම, හලාවත මාර්ගයේ බත්තුළුඔය ප්‍රදේශයේදී ලොරියක් හා ගිලන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් වෛද්‍යවරියක් ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
අද අලුයම 3.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව මුන්දලම පොලීසිය ප්‍රකාශ කරයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම මූලික රෝහලේ සීමා වාසික වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටි ක්‍රිෂාණි එරංගා ජයවර්ධන (අවු:26) සහ කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථයේ රිය සහායක ලෙස සේවය කළ ඒ.එච්.එම්.ඉර්ෂාඩ් නම් අයෙකි.